පොල් වගාකිරීමේ මණ්ඩලයේ වසර 45ක සේවාව අළලා සකස්කළ තේමා ගීතය දොරට වැඩීම පසුගියදා සිදුව තිබේ.
රටේ කප්රුක සේ සලකන පොල් වගාවේ උන්නතය වෙනුවෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය ඉටුකරන අමිල මෙහෙවර තේමා කරගනිමින් ගීතය රචනා කර ඇත්තේ පොල් සංවර්ධන නිලධාරීන් චන්ද්‍රිකා අමරසූරිය මහත්මියයි.
ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා එහි තනු නිර්මාණය සිදුකළ අතර, ගායනය පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් විසිනු සිදුකර තිබේ. මෙම ගීතයට රූප රචනා සිදුකර ඇත්තේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක මොහාන් නියාස් මහතා විසිනි.