ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අද (11දා) සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙහි මූලික පරමාර්ථය ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ එච්.අමරතුංග යන මහත්වරුන් විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.