එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව වසරකට දෙවතාවක් සිදුකරන අභ්‍යාසයක් වන පැසිෆික් එයාර් ලිෆ්ට් රැළිය පසුගිය 11දා සිට 15දා දක්වා ශ්‍රී ලංකාවේදී පවත්වා තිබේ.
මෙම පැසිෆික් එයාර් ලිෆ්ට් රැළියට එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ අනෙකුත් ඉන්දු පැසිෆික් කලාපයේ රටවල් සහභාගී වූ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම අභ්‍යාසයේදී මානුෂීය සහාය සැලසීම සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳව අවධාරණය කර ඇති අතර, ඊට සහභාගීවූවන් මෙහෙයුම් සැලසුම් කිරීම, භාණ්ඩ මෙහෙයවීම සහ පැටවීම සහ ගුවනේ ගොඩබිම සහ ගුවනින් භාණ්ඩ හෙළීමේ මෙහෙයුම් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන ඇත.
මෙම අභ්‍යාසයේ එක් කොටසක් වන ගුවන් යානා පුහුණුව සඳහා මිසිසිපි හි කීස්ලර් ගුවන් හමුදා කඳවුරේ 815 වැනි ස්කොඩ්රන් බලකායේ C 130 J වර්ගයේ හර්ක්යුලිස් යානාවක්, අර්කන්සාස් හි ලිට්ල් රොක් ගුවන් හමුදා කඳවුරේ 327 වැනි ස්කොඩ්රන් බලකායේ C 130 J ගුවන් යානාවක් සහ ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ගුවන් යානා එක්ව තිබේ.
මානුෂීය සේවාවන් සැලසීමේ මෙහෙයුම්වලදී ගුවන් මගින් මුදාගැනීමේ කටයුතු හා සම්බන්ධ තාක්ෂණික ක්‍රම පිළිබඳව මෙහිදී ඔවුන් ප්‍රායෝගික පුහුණුවක් ලැබූ බවද සඳහන් වේ.