ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරනු ලබන 2018 පාසල් විද්‍යා දිනය හෙට (08දා) විද්‍යා, තාක්ෂණ පර්යේෂණ නිපුනතා සංවර්ධන වෘත්තීය පුහුණු සහ කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය.
මෙවර විද්‍යා දිනයේ තේමාව වන්නේ 'තිරසාර පැවැත්ම සඳහා විද්‍යාව' යන්නය. මෙම අවස්ථාවට රාජ්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් සහ දිස්ත්‍රික් 25ම නියෝජනය කරමින් පාසල් විද්‍යා සමාජවල සිසුන් 1,300ක් පමණ සහ ගුරු භවතුන්ද සහභාගී වනු ඇත.