දිවයින පුරා පාසල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ තවදුරටත් සවිබල ගන්වමින්, පාසල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳව දැනුම ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇති බව කියයි.
මෙහිදී නවීන තොරතුරු තාක්ෂණ උපකරණ භාවිතය පිළිබඳවද ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන බවද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.