ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රියාත්මක වන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට තීරුබදු රහිතව ආනයනය කරනු ලබන උසස් තත්වයේ බාස්මතී සහල් තොග, සතොස ආයතනය හරහා පාරිභෝගිකයාට ලබාදීම සඳහා කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 11 වැනිදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාකිස්තාන මහකොමසාරිස් සාර්ෆස් අහමඩ් කාන් සිප්රා මහතා මුණ ගැසුණු අවස්ථාවේදීය.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සතොස මගින් මෙලෙස බාස්මතී සහල් සෘජුවම පාකිස්තානයෙන් ලබාගැනීමෙන් පාරිභෝගිකයාට මෙම උසස් තත්වයෙන් යුත් බාස්මතී සහල් අඩු මිලට සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවය.