ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණයේ වාරිමාර්ග හා ග්‍රාමීය හා නාගරික ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම වැනි මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා ජපන් යෙන් මිලියන 44,767 ක (ආසන්න වශයෙන් රු.මිලියන 60,407)ක ණය මුදලක් ජපන් ජාත්යනන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) වෙතින් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ.
පිබිදෙන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය (I) මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින් ඉහත ණය ගිවිසුම් අත්සන් තබන ලදී.