ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය විසින් තුන් වැනි වරට පවත්වන ප්‍රාදේශීය මුද්‍රණ විශිෂ්ටයන් තේරීමේ තරගයට 2017 වසර සඳහා අයදුම්පත් කැඳවන බව නිවේදනය කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත සිටින ප්‍රාදේශීය මුද්‍රණකරුවන්ට මෙහිදී තමන්ගේ හොඳම නිර්මාණ තරගයට ඉදිරිපත් කිරීමෙන් තම මුද්‍රණ හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි බවද ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි.
මුද්‍රණ විශිෂ්ටත්ව සම්මානයක් දිනාගැනීම මුද්‍රණ ව්‍යාපාරිකයකුට තම ආයතනය ප්‍රචලිත කිරීම සඳහා ලබාගත හැකි ඉතාම ප්‍රබල ප්‍රවර්ධන මෙවලමක් යැයි මුද්‍රණකරුවන්ගේ සංගමයේ ප්‍රථම උප සභාපති සහ කමිටු සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි. මෙමගින් මුද්‍රණකරුගේ අනර්ඝ හැකියාවන් තම ගැනුම්කරුවන්ට පෙන්නුම් කිරීම, කර්මාන්තය තුළ සහ රට තුළ පිළිගැනීමක් ලබාගැනීම මෙන්ම, 2017 මුද්‍රණ විශිෂ්ටත්ව සම්මාන ලාංජනය තමන්ගේ ප්රචාරක කටයුතුවලට යොදාගැනීමට හැකියාවද ලබාදෙයි.
මෙම තරගය දෙවසරකට වරක් විවිධ ඉසව් සඳහා සුළු පරිමාණ සහ මධ්‍යම/මහා පරිමාණ ලෙස මට්ටම් දෙකකින් පැවත් වේ. 2015 වසරේ පැවැති තරගයේදී මීගමුවේ අකුර ප්‍රින්ටර්ස් පබ්ලිෂර්ස් සහ කුරුණෑගල අස්ලිය ප්‍රින්ටර්ස් එම කාණ්ඩවල විශිෂ්ට ශූරතා ලබාගනු ලැබීය. මෙම තරගයට ඉදිරිපත්වීම සඳහා පළමුවෙන්ම තමන්ගේ හොඳම නිර්මාණ තෝරාගෙන තමන්ගේ වාර්ෂික ආදායම අනුව කාණ්ඩය තෝරා ප්‍රවේශ ආකෘතිය පුරවා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයට එවිය හැකිය. තරගයට අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2017 පෙබරවාරි 28 වැනිදා වන අතර, සම්මාන උලෙළ පවත්වන්නේ මාර්තු 19 වැනි ඉරිදා දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදීය. තරග විස්තර සඳහා දුරකථන අංක 011-2741979 සහ 077-7374619 යන අංක ඇමතිය හැකි බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.