2017 ඔක්තෝබර් මාසයේ පැවති 8.8%ක් වූ ලක්ෂ්යමය උද්ධමනයට සාපේක්ෂව, 2017 නොවැම්බර් මාසයේදී උද්ධමනය 8.4%ක් දක්වා පහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන නොවැම්බර් මස ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි සැපයුම් අංශයෙහි අහිතකර ප්රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම හේතු වී තිබේ.