ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන “ආනයන ක්‍රියා පටිපාටිය ” පිළිබඳ එක් දින වැඩමුළුව 2016 සැප්තැම්බර් මස 7 වන බදාදා දින නො. 450, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුව විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා ආනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා පවත්වනු ලබන්නකි. ආනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත් ආනයන ක්‍රියාවලියේ දී මතුවන ගැටළු මඟහරවා ගනීමින් ආනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය මුලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙහිදී ලබා දෙනු ඇත. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථාවන් උපරිම කරගනිමින් ආයතනයේ අභිලාශයන් ඉටු කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදෙන බව එම මණ්ඩලය පවසයි.
සහභාගීවන්නන් සඳහා අත්පත්‍රිකා, සහතික පත්‍ර හා දිවා ආහාරය ලබා දෙන බවත්, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 011 4741788 යන දුරකථන අංකය ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය ඇමතිය හැකි බවත් කියයි.