ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන 'අපනයන ක්‍රියාපටිපාටිය සහ GSP+' පිළිබඳ එක් දින වැඩමුළුව 2017 ජූනි මස 30 වැනි සිකුරාදා නො.450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙ.ව.8 .30 සිට ප.ව.4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුව විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා අපනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා මෙන්ම අපනයන ක්රියවලියෙහි නිරත වීමට බලපොරොත්තු වන ව්‍යාපාරික ප්‍රජාව සඳහා පවත්වනු ලබන්නක් බව සඳහන් වේ. අපනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත්, අපනයන ක්‍රියාවලියේදී මතුවන ගැටලු මඟහරවා ගනිමින් අපනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය මූලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙහිදී ලබාදෙනු ඇති බවත් කියැවේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථා උපරිම කරගනිමින් ආයතනයේ අභිලාශයන් ඉටුකරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදීමට නියමිත බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මෙහිදී,
-
අපනයන ක්‍රියාවලිය හැඳින්වීම
-
සැලසුම් කිරීම
-
ජාත්‍යන්තර වෙළෙඳාම හැඳින්වීම
-
අපනයන මූලාශ්‍ර
-
GSP+ සහනය යටතේ වැඩිදියුණු කළ අපනයන වෙළෙඳ ප්‍රවේශය
-
අපනයන සඳහා වූ අවශ්‍යතා නිර්ණය කිරීම සහ අපනයන සඳහා වූ සීමා
-
විකිණීම/අලෙවිය සඳහා කොන්දේසි
-
Incoterms 2010 පිළිබඳ මූලික කරුණු
-
අපනයන ලේඛන වර්ගීකරණය
-
අපනයනයේදී භාණ්ඩ ප්‍රවාහකයන්ගේ කාර්යභාරය
-
කාර්යෝපාය සහ භෞතික බෙදාහැරීම් කටයුතු
-
රේගු අපනයන ක්‍රියාපටිපාටිය
-
වරාය කාර්ය පටිපාටි
-
රේගු - වරප්‍රසාද පහසුකම්
ආදී අපනයන ක්‍රියාවලිය සම්බන්ධ සියලුම කරුණු මෙහිදී ආවරණය කරන බවද පෙන්වා දෙයි.
මෙහිදී, ශ්‍රී ලංකා රේගු නියෝජ්‍ය අධ්යක්ෂ ටී. රවින්ද්‍ර රාජා මහතා සම්පත් දායකත්වය ලබාදෙන අතර, හෙතෙම ක්ෂේත්රයේ වසර 33කට වඩා අත්දැකීම් සපුරා ඇති බවද ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
මේ සඳහා සහභාගී වන්නන් සඳහා අත්පත්‍රිකා, සහතිකපත්‍ර හා දිවා ආහාරය ලබාදෙන අතර, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0114-741788 යන දුරකථන අංකය හෝ [email protected], [email protected] යන විද්‍යුත් ලිපින ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පවසති.