ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන “අපනයන ක්‍රියා පටිපාටිය සහ අදාල ලියකියවිලි” පිළිබඳ එක් දින වැඩමුළුව 2016 ජනවාරි මස 18 වැනි බදාදා, නො. 450, ඩි.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී, උදෑසන 9.00 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම වැඩමුළුව විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා අපනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා මෙන්ම අපනයන ක්‍රියවලියේ නිරතවීමට බලපොරොත්තුවන ව්‍යාපාරික ප්‍රජාව සඳහා පවත්වනු ලබන්නක් බව පැවසේ. අපනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත් අපනයන ක්‍රියාවලියේ දී මතුවන ගැටලු මඟහරවා ගනිමින් අපනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය මුලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙහිදී ලබා දෙනු ඇත. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථාවන් උපරිම කරගනිමින් ආයතනයේ අභිලාශයන් ඉටු කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදෙන බවද පැවසේ.
මීට සහභාගීවන්නන් සඳහා අත්පත්‍රිකා, සහතික පත්‍ර හා දිවා ආහාරය ලබාදෙන අතර, වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 011 4741788 යන දුරකථන අංකය හෝ [email protected] ; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලයේ නිශාන්ති / නිර්මාණි සමග සම්බන්ධ විය හැකිය.