නිදහසින් පසු ලැබුණු හොඳම අවස්ථාවන්ගෙන් එකකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවත්, අභ්‍යන්තර අර්බුද හෝ ප්‍රතිපත්ති තුළින් ආපස්සට ඇදෙන තත්ත්වයක් රට තුළ නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ අදහස් පළ කර සිටියේ අද (03දා) දිනයේ මහ බැංකුවේදී පැවති 2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
පැහැදිලි සන්නිවේදනයෙහි සහ වැඩිදියුණු වූ විනිවිදභාවයෙහි වැදගත්කම උපරිමව සැලකිල්ලට ගනිමින් ඉදිරි දැක්මක් සහිතව මෙම ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබාදෙන බව පවසා සිටි අධිපතිවරයා, විශේෂයෙන්ම රටෙහි පවතින අනර්ඝ වූ භූගෝලීය පිහිටීම සහ වාසිදායක ජාත්‍යන්තර සබඳතා ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු, වඩා ස්ථාවර පදනමක් සැකසීම මහ බැංකුවේ වගකීම බවද අවධාරණය කළේය.
.jpg)
ඡායාරූප - ලසන්ත කුමාර