කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් “දේශීය හා විදේශීය වෙළඳපල ජය ගැනීමේ මග” මැයින් වැඩමුළුවක් 2016 සැප්තැම්බර් මස 14 දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඔබත් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක හිමිකරුවෙකු නම් හා ඔබගේ කර්මාන්තයේ සේවා නියුක්තිය 8 හෝ 8 වැඩිනම් මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට ඔබටද අවස්ථාව පවතින බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කියයි.
මෙම වැඩසටහන සදහා සහභාගි වීමට අදහස් කරන්නේ නම් 2016 සැප්තැම්බර් 09 දිනට පෙර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය, අංක 98, දෙවැනි මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කද, නුගේගොඩ ලිපිනයට පැමිණ හෝ 0112815009 දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවද කියයි.