විදුලි බලය දේශීය වශයෙන් නිෂ්පාදනය අරඹමින්, අද වනවිට දේශීය බලශක්ති ක්ෂේත්රයේ දැවැන්තයෙකු බවට පත් LTL හෝල්ඩිංස් සමාගම විසින් සිය විජයග්රාවහී ගමන් මඟේ 35 වැනි වසරට එලැඹීම පසුගියදා නිවේදනය කරන ලදී.
කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔවුන් මෙය නිවේදනය කරන්නට විය.
ඉහළ ප්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට්‍රාන්ස්ෆෝමර් ශ්‍රී ලංකාව තුළදීම නිපදවීම සඳහා දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත නව ආයතනයක් නිර්මාණය කළ යුතුය යන ඉලක්කය සහිතව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලුත්වැඩියා අංශයේ තරුණ ඉංජිනේරුවෙකු වශයෙන් ක්‍රියාකළ යූ.ඩී. ජයවර්ධන මහතා විසින් එවකට විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් අලුත්වැඩියා අංශය භාරව කටයුතු කළ ඉංජිනේරුවරයා වූ චන්න අමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම බිහිවිය.
1982 වසරේදී ට්‍රාන්ස්ෆෝමර් 700ක් පමණ නිපදවීමේ හැකියාවකින් යුතු කර්මාන්ත ශාලාවකින් ඇරඹි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අද වනවිට දේශීයව පමණක් නොව ට්‍රාන්ස්ෆෝමර් අපනයනය හරහා ජාත්‍යන්තරයද ජයගත් අග්‍රගණ්‍ය ශ්‍රී ලාංකේය සමාගමක් බවට සහ මෙරට විශාලතම බලශක්ති ජනන සමාගම බවටද පත්ව ඇති බව ඔවුහු පවසති. 90 දශකයේදී නඩත්තුවක් අවශ්‍ය නොවන ට්‍රාන්ස්ෆෝමර් සහිත දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට හැකියාව ලැබුණු බවද ඔවුහු පෙන්වා දෙති.
1996 වසරේදී LTL සමාගම විදුලි බලාගාර ගොඩනැංවීමේ ක්ෂේත්රයට පිවිසෙන්නේ ලාංකේය විදුලිබල ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලක්දනවි විදුලි බලාගාරය අරඹමිනි. ශ්‍රී ලංකාවේ ස්වදේශීය වශයෙන් ඉදිකරන ලද ප්‍රථම බලාගාරය වූයේ මෙම ලක්දනවි බලාගාරයයි. එය මෙගාවොට් 25ක ධාරිතාවයකින් යුතු විය. ඉන් අනතුරුව මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය යුගදනවි බලාගාරය, යාපනය චුන්නාගම් විදුලි බලාගාරය, පුත්තලම පවන්දනවි සුළං විදුලි බලාගාරය, පුත්තලම හෙළදනවි විදුලි බලාගාරය, කෑගල්ල අසුපිනි ඇල්ල කුඩා විදුලි බලාගාරය සහ රත්නපුර බෙලිහුල්ඔය කුඩා විදුලි බලාගාරය ඇතුළු බලාගාර රැසක් ඉදිකිරීමට LTL සමාගමට හැකියාව ලැබී තිබුණි.
LTL හෝල්ඩිං සමාගම මේ සියලු ව්‍යාපෘතීන් හිමිකරගෙන තිබෙන්නේ දේශීයව සහ ජාත්‍යන්තරව තරගකාරී ටෙන්ඩර් කැඳවීම අනුව ලංසු ඉදිරිපත් කිරීම හරහාය. අතරමැදියන් සඳහා කොමිස් මුදල් ලබාදීමකින් තොරව සාධාරණ ලාභ ආන්තිකයක් රඳවා ගනිමින් ව්‍යාපාර සැලසුම් සකස් කිරීම නිසාම අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව එක් විදුලි ඒකකයක් සඳහා අවම මිලක් ඉදිරිපත් කිරීමට LTL සමාගමට හැකිවී තිබේ. සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන LTL සමාගම ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගේ දැනුම සහ හැකියාව මත සම්පූර්ණ විශ්වාසය තබා ඇති අතර, අවශ්‍ය විටදී ලොව ඉහළම තාක්ෂණය සහ ඉහළම දැනුම සහිත පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබාගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන බවද ඔවුහු පවසති.
පසුගිය වසර දහය තුළදී දේශීය සමාගමක් ලෙස බංගලාදේශය, ඕමානය සහ මාලදිවයින වැනි රටවල ඉදි කෙරුණු විදුලි බලාගාර මෙන්ම උගන්ඩාව, ටැන්සානියාව සහ කෙන්යාව වැනි රටවල විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති හරහා LTL සමාගම මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය රු.බිලියන 24ක් පමණ බවද ඔවුහු පවසති.
තාප, ජල විදුලි සහ සුළං බලාගාර මගින් විදුලි ජනනය සඳහා කටයුතු කරන LTL හෝල්ඩිංස් සහ Ceyleex ඇතුළු සමාගම් සමූහයේ සාමූහික දායකත්වයෙන් යුතුව මෙරට මෙන්ම බංග්ලාදේශය, මාලදිවයින සහ අප්‍රිකාව ඇතුළු විදෙස් රටවලද විදුලි බල නිෂ්පාදන කටයුතු සිදුකිරීම මගින් විදෙස් විනිමය විශාල වශයෙන් මෙරටට ලබාගැනීමටද හැකිව තිබීම දේශීය සමාගමක් ලබාගත් සුවිශේෂී ජයග්රසහණයක් බවද ඔවුහු පවසති.
LTL සමාගම බලශක්ති ක්ෂේත්රයේ දැවන්තයා බවට පත්වෙමින් දශක හතරක් පුරා මෙරට දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, දූෂණය සහ වංචාව පිටුදකිමින්, ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන් බලගන්වමින්, නව රැකියා අවස්ථා දහස් ගණනක් ලබාදෙමින් මෙම සමාගම් සමූහය විසින් ඉටුකරමින් සිටින සමාජ වගකීමද සුවිසල් බව ඔවුහු අවසන් වශයෙන් පෙන්වා දෙති.