කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මුම්බායි හි ඉන්දියානු ඇසුරුම් ආයතනය (Indian Institute of Packaging) විසින් පවත්වනු ලබන ඇසුරුම් නිර්මාණකරණය හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ නිපුනතා සංවර්ධන පාඨමාලාව හැදෑරීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ගෙන් අයදුම්පත් කැඳවීමක් සිදුකර තිබේ.
මෙම වැඩසටහන සඳහා කර්මාන්ත ආයතනයක ඇසුරුම් නිර්මාණය/නිෂ්පාදනය පිළිබඳ අවම වශයෙන් වසර 03 ක (ජ්‍යෙෂ්ඨ තාක්ෂණ මට්ටමේ) පළපුරුද්දක් ඇති, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ තාක්ෂණ මට්ටමේ නිලධාරින් නම් කිරීමට කර්මාන්ත වෙත ආරාධනා කර සිටියි.
මෙම වැඩසටහන දින 12 ක කාලයක්, 2017 මැයි 22 දින සිට ජුනි 02 දක්වා පැවැත්වෙන අතර, තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා සම්පූර්ණ පාඨමාලා වියදමෙන් (පාඨමාලා ගාස්තු, ආහාර පාන, ඉඳුම් හිටුම් හා ගුවන් ගමන් ගාස්තුව..) 50% ක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දරනු ලැබේ. ඉතිරි 50% ක වියදම කර්මාන්තය විසින් දරණ බවට සේවායෝජක/ප්‍රධාන විධායක අධ්යක්ෂ අයදුම්පත්‍රයේ සහතික කළ යුතු බවද පවසයි.
මෙම වැඩසටහන සඳහා සහභාගීවන්නේ නම් ඔබගේ සියලු විස්තර සහිත සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2017 අප්‍රේල් මස 28 වන දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන පරිදි අධ්යක්ෂ, සංවර්ධන අංශ 1, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, 73/1, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට යොමු කළ යුතු බවත්, වැඩි විස්තර සඳහා දුරකථන අංක 011-2422319 ඇමතිය යුතු බවත් ඔවුහු පවසති.