පෞද්ගලික බැංකුවක පාරිභෝගිකයන් 4,630කගේ දත්ත අනාවරණය වීම නොසැලකිල්ලක් හේතුවෙන් සිදුව ඇති බව මූලික පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දෙයි.
එමෙන්ම, මෙය බැංකුවේ අභ්‍යන්තර කළමනාකාරීත්වයේ අත්වැරැද්දක්ද යන්න පිළිබඳව මහ බැංකුව හා අදාළ පෞද්ගලික බැංකුව විසින්ද තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.