විදේශ කටයුතු සහ විදුලිසංදේශන හා තොරතුරු තාක්ෂණ විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 23 වැනිදා ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානය වෙත නිරීක්ෂණ චාරිකාවක් පැමිණියේය. නව රජය යටතේ විදේශ කටයුතු සහ විදුලිසංදේශන හා තොරතුරු තාක්ෂණ විෂය භාර අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඒ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත පැමිණි පළමු වැනි අවස්ථාව මෙය විය.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා, සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් අමාත්‍යවරයා පිළිගන්නා ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත පැමිණි මෙම ගමනේදී සමාගමේ ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇමතීමටද කාලය වෙන් කළ සමරවීර මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වෘත්තීය සමිති සාමාජිකයන් අමතමින් විශේෂ කථාවක් පැවැත්වීමටද අමතක නොකළේය.