ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 'ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ තත්ත්වය - 2017' නමින් වාර්තාවක් නිකුත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සහ දර්ශක පිළිබඳ කාලීන තොරුතුරු පළ කිරීම සඳහා වෙබ් අඩවියක්ද දියත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින්, දිළිඳුකම පිටුදැකීම, පෘථිවිතලය රැකගැනීම සහ සැමට සෞභාග්‍ය උදාකරදීම මූලික කර ගනිමින් තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයෙහි අංගයක් ලෙස 2015 වර්ෂයේ දී තිරසර සංවර්ධන අභිමතාර්ථයන් එළිදක්වා ඇත.
තිරසර සංවර්ධනය සඳහා න්‍යාය පත්‍රය 'අපගේ ලෝකය වෙනස් මගකට යොමු කිරීම' ප්රකාශනය මගින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් තිරසර සංවර්ධන අභිමතාර්ථ 17ක් හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා ඉලක්ක 169ක්ද හඳුනාගෙන තිබේ. එම ඉලක්ක ළඟාකර ගැනීම, මැන බැලීම සඳහා නිර්නායක 244ක්ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වල සංවර්ධන න්‍යාය පත්‍ර මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමද අපේක්ෂා කර තිබේ.
තිරසර සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයක් ස්ථාපනය කිරීම සහ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සාර්ථකව ක්‍රියාවට නැංවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පිහිටුවීම මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීමෙහිලා ශ්‍රී ලංකා රජයේ කැපවීම මනාව පිළිබිඹු වන බවත්, තිරසර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ පර්ෂද 4ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පොකුරු කමිටු 4ක්ද පිහිටුවා ඇති බවත් සඳහන් වෙයි.
මෙම වාර්තාවේ පළමු වැනි පිටපත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා විසින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා වෙත 2017 ජූලි මස 26 වැනි දින පාර්ලිමේන්තුවේදී පිරිනමා ඇති අතර, එම වෙබ් අඩවියද එළිදක්වා තිබේ.
මෙම වාර්තාව මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ නිර්නායක රාමුවට අදාළ දර්ශක 244ක් මත පදනම්ව දැනට සම්පදනය කළ හැකි දර්ශකවලට අදාළ දත්ත පිළියෙල කිරීම මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ ඉලක්ක සපුරාගැනීම පිළිබඳ ප්‍රගතිය අධීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා වැදගත් කර්තව්‍යක් ඉටුවන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා විසින් අවධාරණය කර තිබේ.
එමෙන්ම, මෙම වාර්තාව මගින් තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 පිළිබඳවද ඉලක්ක 160 සහ දර්ශක 244 පිළිබඳවත් දළ විශ්ලේෂණයක් සපයන බවත්, මෙම වාර්තාවේ තිරසර සංවර්ධන දර්ශක පිළිබඳ ගෝලීය අර්ථ දැක්වීම් මෙන්ම ශ්‍රී ලංකාවේදී යොදාගන්නා අර්ථ දක්වීම් ඊට ඇතුළත් බවත් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසයි.