ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය නිරීක්ෂණය සඳහා ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම උදෙසා ජපාන රජය වෙතින් ජපන් යෙන් මිලියන 2,503 ක (ආසන්න වශයෙන් රු.මිලියන 3,422 ක) ප්‍රදානයක් සිදුකර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන කාලගුණික තොරතුරුවල හා අනාවැකිවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මගින් ව්‍යසනකාරී කාලගුණික සංසිද්ධීන් නිසා ඇතිවන උපද්‍රවවල අහිතකර බලපෑම් කාර්යක්ෂම ලෙස අවම කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව කියයි.
මෙහි හුවමාරු පත්‍ර අත්සන් කිරීම ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද, ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීම ජපාන රජය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත ෆුසාටෝ ටනාකා මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින්ද සිදුකර තිබේ.