ශ්‍රී ලංකාව සඳහා වූ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසා සිටියේය.
'ඩිජිටල් සාක්ෂරතාවය' ශ්‍රී ලංකාව සඳහා අලුතින් හඳුන්වා දුන් දර්ශකයක් වන අතර, වයස අවුරුදු 5 සහ 69 අතර පුද්ගලයෙකුට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාට් දුරකථන භාවිත කිරීමේ හැකියාව ඇත්නම් ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවක් ඇති පුද්ගලයෙකු ලෙස සලකයි.
ඒ අනුව, පුරුෂ පක්ෂය සහ ස්ත්‍රී පක්ෂය අතර ඩිජිටල් සාක්ෂරතාවය පිළිවෙළින් 42.5% හා 35.2%ක් වේ. ඩිජිටල් සාක්ෂරතාවය නාගරික අංශයේ 54.%ක් වන අතර ග්‍රාමීය හා වතු අංශ සඳහා පිළිවෙළින් 36.4%ක් හා 16.4%ක් වේ.