ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තවදුරටත් සවිබල ගැන්වීමේ පියවරක් ලෙස රාජ්‍ය ආයතනයන්හි සිටින ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකරදී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙහි මූලික අදියර වශයෙන් ඉ-රාජ්‍ය පිලිඹද පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා 30 දෙනෙකුට පමණ පහසුකම් සලසා දී තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇතැයි නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා පවසයි.