ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා නිවැරදිව හඳුනාගෙන එයට සරිලන පරිදි ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශවලින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අවශ්‍ය තරම් උපරිම ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
2016 වසරේ විසර්ජන පනත මගින් හඳුන්වාදෙන ලද ශූන්‍ය පාදක අයවැය යටතේ සියලු රාජ්‍ය ආයතන තම ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරනලද බවත්, ඒ අනුව අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වෙතින් ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරී සැලසුම් ජාතික සංවර්ධන ප්‍රමුඛතාවය සමග සැසඳේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අඩුවකින් තොරව ලබාදෙන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා පවසයි.