ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ජාතික විද්‍යා සමුළුව - 2016 නොවැම්බර් 21,22 සහ 23 යන දිනවලදී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්වීමට සූදානම් වෙයි.
විද්‍යා ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල විද්‍යා ගුරුවරුන් හා අධ්‍යාපන පීඨයන්හි කථිකාචාර්යවරුන්ට සහභාගි විය හැකි අතර, ඒ වෙනුවෙන් වූ අයදුම්පත් සැප්තැම්බර් 09දා දක්වා බාරගැනීම සිදුකෙරෙන බව ජාතික අධ්‍යාපන ආයතනය පවසයි.
ජාතික තලයේ වේදිකාවක් මත තමන්ගේ නව සොයාගැනීම්, පර්යේෂණ සොයා ගැනීම්, ඉගැන්වීම් ආධාරක වැනි විවිධ වූ අවස්ථා අනෙකුත් විද්‍යා ගුරුවරුන් සමග බෙදාගැනීම සහ ඉදිරිපත් කිරීම මෙමගින් මනා අවස්ථාවක් ලබාදෙනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හා ඊට අදාළ ඉල්ලුම්පත් www.nie.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් ජාතික අධ්‍යාපන ආයතනය වැඩිදුරටත් පවසයි.