ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2011 ජූලි මස සිට කොළඹ දිස්ත්‍රික් නාගරික ප්‍රදේශ ආවරණය වන පරිදි 2006/7 පදනම් වර්ෂය ලෙස සලකා කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලැබීය. දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නවතම පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය වන අතර, එය 2015 නොවැම්බර් මස සිට මාසිකව අදාළ ලිත් මාසය අවසන් වී දින 21 කට පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. නව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ බර තැබීම 2012/13 වර්ෂයේ පරිභෝගිකයාගේ වියදම් රටාව පිළිබිඹු වන ආකාරයට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම‘වේදයන්ට අනුව සකස් කර ඇත.
පාරිභෝගික මිල දර්ශකයක් මගින් ලැබෙන ප්‍ර‘යෝජන
-
පරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල මට්ටම්වල සාමාන්‍ය වෙනස්වීම් මැනීමේ මිනුම් දර්ශකයක් ලෙස හා උද්ධමනය මැනීමේ මූලික මිනුමක් ලෙස මෙය භාවිතා කරයි.
-
සමාජ ආර්ථික දත්ත විශ්ලේෂණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදීත්, ප්‍රධාන වශයෙන් මූල්‍ය හා ආදායම් ප්‍රතිපත්ති සකස් කිරීමේදීත්, වැටුප් හා මූල්‍යමය ආදායම් උපනතීන් විශ්ලේෂණය මගින් වැටුප් ගැලපීම් සඳහාද පාරිභෝගික මිල දර්ශකය උපයෝගී කර ගනියි.
-
ජාතික ආදායම් ගණනය කිරීමේදී මිලෙහි සිදුවන වෙනස්වීම්වලට අනුරූපීව පවත්නා අගයන් ගැලපීම් සඳහා එක් ප්‍රධාන අවධමනයක් ලෙස පාරිභෝගික මිල දර්ශකය භාවිත කරන අතර රටේහි සමස්ත උද්ධමනය මැනීමේ දර්ශකයක්ද වෙයි.
ජාත්‍යන්තර සම්මත ක්‍රම‘වේදයන්ට අනුව නව පාරිභෝගික මිල දර්ශකය එනම් ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමේදී ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි මිල ගණන් රැස්කරනු ලබයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව මහ කොළඹ නාගරික ප්‍ර‘දේශය සඳහා පමණක් සීමා වන මිල දර්ශකයන් 1953 සිට 2008 අප්‍රේල් මාසය දක්වා ගණනය කර ප්‍රකාශයට පත්කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍ර‘දේශ සඳහා පමණක් සීමාවන මිල දර්ශකයන් 2008 මැයි මාසයේ සිට මේ දක්වා ගණනය කර ප්‍රකාශයට පත් කෙරෙයි. කෙසේ වෙතත් මුළු රටම ආවරණය වන පරිදි මිල වෙනස්වීම් ගණනය කිරීම සඳහා වන දර්ශකයක අවශ්‍යතාව මේ වනවිට මතුව ඇත. ඉහත සඳහන් කළ පරිදි මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ප්‍රතිපත්තිමය තීරණවල ඵලදායීතාව වැඩි කිරීම සඳහා ජාතික දර්ශකයක් අවශ්‍ය වන බව දෙපාර්තමේන්තුව පවසයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තොරතුරු පුළුල් පරාසයකට වර්ධනය වී ඇත.
නව ජාතික පාරිභෝගික මිල දර්ශකය (පදනම 2013=100) සඳහා වන බර තැබීමේ ව්‍යුහය 2012/13 වර්ෂවලදී සිදුකරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණයෙන් ලබාගන්නා ලද දත්ත මත පදනම් වේ. ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණ (2012/13) සඳහා ගෘහ ඒකකයන් සිදුකරන සියලුම ආකාරයේ වියදම් අන්තර්ගත වන අතර, එම තොරතුරු මගින් රටේ සෑම ගෘහ කාණ්ඩයක්ම නියෝජනය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වර්ෂය ලෙස 2013 වර්ෂය සලකා ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීම සඳහා කොළඹ නාගරික සීමාව තුළ මධ්‍යස්ථාන 14 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් රැස්කිරීම සිදුකරනු ලැබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මිල රැස්කරන මධ්‍යස්ථාන 03 කින් භාණ්ඩ පැස සඳහා මිල ගණන් එකතු කරනු ලැබේ.
අන්තර් ජාතික සම්මත වර්ගීකරණයන්ට අනුව භාණ්ඩ පැස ප්‍රධාන කාණ්ඩ 12 කින් සමන්විත වන අතර මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය කාණ්ඩය හා ආපනශාලා සහ හෝටල් කාණ්ඩය යන කාණ්ඩ 02 ඒ අතර වේ. නමුත් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කිරීමේදී මත්පැන්, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය සඳහා වන කාණ්ඩය ඇතුළත් නොවූ අතර ආපනශාලා සහ හෝටල් කාණ්ඩය ආහාර කාණ්ඩය යටතට ඇතුළත් කර ප්‍රධාන කාණ්ඩ 10 ක් ලෙස දක්වා ඇත. ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව ඉහත දැක්වූ කාණ්ඩ 02 ද සමග ප්‍රධාන කාණ්ඩ 12 ක් යටතේ ලබාගන්නා දර්ශකාංකවල භරිත සාමාන්‍ය අගය ජාතික පාරිභෝගික මිල දර්ශකය ලෙස ගණනය කරනු ලැබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015 ඔක්තෝබර් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 109.2 ලෙස, 2015 නොවැම්බර් මස 23 වැනි දින ප්‍රකාශයට පත් කර ඇත. 2015 ඔක්තෝබර් මාසයේ දර්ශක අගය සැප්තැම්බර් මාසයේ දර්ශකය අගය (108.4) හා සංසන්දනය කළ විට 0.8 පමණ දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.74 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මේ සඳහා ආහාර කාණ්ඩයේ මිල ගණන්වල 0.63% ක වැඩිවීම සහ ආහාර නොවන කාණ්ඩයේ 0.11% ක වැඩිවීම පිළිවෙළින් බලපා ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ඔක්තෝබර් මාසය සඳහා වාර්ෂික උද්ධමන අනුපාතය 3.0% ලෙස හා 2015 සැප්තැම්බර් මාසය සඳහා වාර්ෂික උද්ධමන අගය 1.9% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ප්‍රකාශ කර ඇත. සංසන්දනය කිරීම සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය 2014 ජනවාරි මස සිට 2015 සැප්තැම්බර් මාසය දක්වා ගණනය කර ප්‍රකාශයට පත් කර ඇත.