ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන සමුළුව හෙට (28දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර සමුළුවේ තේමා පාඨය වී ඇත්තේ 'යහපාලනය සඳහා සංඛ්‍යා දත්ත' (Statistics for Good Governance) යන්නයි.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් අමාත්‍යවරයා මීට සම්බන්ධ වන අතර, මෙහිදී අමාත්‍යවරයා විසින් විශේෂ දේශනයක්ද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ව්‍යවහාරික සංඛ්‍යාලේඛන ආයතනය (Institute of applied Statistics Sri Lanka – IASSL) මගින් මෙය සංවිධානය කරන අතර, ඇමෙරිකානු සංඛ්‍යා දත්ත සංගමයේ සභාපති මහචාර්ය ජෙසිකා උනිට් සහ මහචාර්ය බිමල් සිංහා යන මහත්ම මහත්මීන් මෙහිදී දේශන පැවැත්වීමටද නියමිතය.