ජූලි 01 වැනිදාට (හෙට) යෙදෙන 95 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය %සැම සුරකින සමූපකාරය^ යන තේමාව යටතේ එදින පස්වරු 2ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය පවසයි. මේ පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ පැවැති හමුවකදී අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා මේ බව අනාවරණය කළේය.
සෑම වර්ෂයකම ජූලි මාසයේ පළමු වැනි සෙනසුරාදා දිනය ජාත්‍යන්තර සමූපාකාර දිනය ලෙස සැලකෙයි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිවෘද්ධිය අරමුණු කරගනිමින් මෙරට සමූපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ 1906 වසරේදී බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අවශ්‍යතා වෙනුවෙන් සහ රජයේ පොදු සුබසාධන වැඩසටහන්වලට සහය වෙමින් සියවසකට අධික කාලයක සමූපකාර ව්‍යාපාරය මෙරට සමාජයට මහත් මෙහෙවරක් කර ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.
විශේෂයෙන්ම මූල්‍ය, විවිධ සේවා, වතු, ධීවර, සණස, පේෂකර්ම, කෘෂිකාර්මික, පාසල්, රෝහල්, මගී ප්‍රවාහන, තේ කර්මාන්තශාලා ආදී ක්ෂේත්‍ර 19ක් පුරාවට ව්‍යප්ත වී ඇති මෙම සමූපාකාර ව්‍යාපාරය මෙරට සමාජයේ මුල් ඇද, අතු ඉති විහිදී ගිය මහා වෘක්ෂයක් බවටපත්ව අතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.