ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අද (08දා) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර මුහුදු ආහාර සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිඛෙන අතර එය 09 සහ 10 දෙදින පුරා විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත් වීමට නියමිතය.
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා දෙස් විදෙස් මත්ස්‍ය හා මුහුදු ජීවී ආහාර ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ අතර, මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් දිගු කලක් කටයුතු කළ නාරා ආයතනයේ නිලධාරින් වෙත සහතික පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.
අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.