ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය මාර්තු 15 වැනිදාට යෙදී තිබෙන අතර, මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරයි.
2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ "සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු" (Making Digital Market Place Fairer) යන්නයි.
'ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය' නිමිත්තෙන් ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ, "එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්ෂේත්රය තුළ සාක්ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව අපි තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා" යනුවෙනි.