අන්ත්ර්ජාතික විගණන සමාගමක් වන කේ.පී.එම්.ජී. ආයතනය විසින් පවත්වනු ලබන විශේෂ සම්මන්ත්‍රණයක් සඳහා සහභාගී වීමට විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ජර්මනිය බලා යෑමට නියමිතය.
මෙම සම්මන්ත්‍රණය මැයි 02 සිට 08 වැනිදා දක්වා ජර්මනියේ, ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා නියෝජනය කරමින් සරත් අමුණුගම මහතා මීට සහභාගී වෙයි.
මෙහිදී, ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනයේ ප්‍රධාන අරමුණු, ශ්‍රී ලංකා රජයට මුහුණදීමට සිදුව තිබෙන ප්‍රධාන ගැටලු, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ නගර සංවර්ධන ව්‍යාපෘති හා යටිතල පහසුකම් ආදී කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බවද අමාත්‍යාංශය කියයි.