ජර්මානු තානාපති එච්.ඊ. ජෝන් රෝව්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් %තානාපති හමුව^ (Meet the Ambassador) වැඩසටහන ජූලි 20 වැනිදා (බ්‍රහස්පතින්දා) ප.ව. 3.00 සිට 4.30 දක්වා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම හමුව අංක 450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්වෙන බව නිවේදනය කරයි.
වර්තමාන ව්‍යාපාර නැඹුරුව, වෙළෙඳ හැකියාව, ආනයන අපනයන අවස්ථා, ආයෝජන සහ සේවා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බවද ජාතික වාණිජ මණ්ඩලය පවසයි. එසේම මේ සඳහා සහභාගී වන්නන්ට ජර්මානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වී අදාළ අංශ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමටද අවස්ථාව සැලසෙන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව විසින් ජර්මනියෙන් ධාන්‍ය වර්ග, අක්ෂි උපකරණ, ඡායාරූපකරණ ආම්පන්න, වීඩියෝකරණ ආම්පන්න, මැනීම් උපකරණ, විවිධ පාන වර්ග, වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ආනයනය කරන අතර, නැවත පුරවනලද හෝ පාවිච්චි කරනලද ටයර්, ඇඟලුම්, තේ සහ රබර් වැනි දෑ ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන බවද සඳහන් කරයි.
එමෙන්ම, ලෝකයේ දෙවැනි විශාලතම ආනයනකරු සහ අපනයනකරු ලෙස ක්‍රියාකරන ජර්මනිය මිලියන 81.7ක ජනගහනයකින් යුතු රාජ්‍යයක් බවත්, ජර්මනිය රටවල් 9කට යාව පිහිටි රාජ්‍යයක් වන අතර, අද වනවිට යුරෝපයේ දේශපාලනික සහ ආර්ථික අතින් වඩාත් ශක්තිමත්ම රාජ්‍යයද වන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එහිදී, ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින වෙඳෙ සම්බන්ධතා 19 වැනි සියවස තෙක් දිවෙන අතර, ජර්මානු ආධාර යටතේ ආරම්භ කරනලද ව්‍යාපෘති කිහිපයක් ලෙස කොළඹ වරාය, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව, වාලච්චේන සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ආදිය සඳහන් කරයි.
ඒ අනුව, මෙවර ජාතික වාණිජ මණ්ඩලයේ තානාපති හමුවට ලියාපදිංචි වීම සඳහා 011-4741788 යන දුරකථන අංකය මගින් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි බවද ඔවුහු දන්වා සිටිති.