විවිධ රැකියා අවස්ථා උදාකරදෙන සහ ඕනෑම කර්මාන්තයකට ආදේශනය කළ හැකි ගිණුම්කරණය පිළිබඳ තාක්ෂණික දැනුම, මානව සම්පත්, ව්‍යාපාර සහ නායකත්ව කුසලතා යන අද්වීතීය සම්මිශ්‍රණයකින් සමන්විත CIMA සුදුසුකම බහු කාර්යය සුදුසුකමක් ලෙස ඔවුන් හඳුන්වා දෙයි. එසේ නම් ගෝලීය පිළිගැනීමක් එක්කරන සහ වෘත්තීය ප්‍රගමණය සලසා දෙන CIMA සුදුසුකම හැදෑරීම සඳහා ලියාපදිංචි වීමට උචිතම අවස්ථාව දැන් එළඹ ඇති බව ඔවුන් මෙසේ දැනුම් දෙයි.
ව්‍යාපාර සාර්ථකත්වය කරාගෙන යාම සඳහා සේවායෝජකයන් සේවාදායකයන්ගෙන් අපේක්ෂා කරන කුසලතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාගත හැකි වන ලෙසින් CIMA සුදුසුකම් ලාභීන් පුහුණු කිරීම සඳහා CIMA සැමවිටම සේවායෝජකයන්ගේ අදහස් විමසමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව සිය විෂය නිර්දේශ නිරතුරුව යාවත්කාලීන කරනු ලබන බවද පවසයි. එලෙස පුහුණු වූ CIMA සුදුසුකම් ලාභී වෘත්තිකයන් ලොව පුරා ඇති රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන, බහු ජාතික සමාගම් සහ අලුතින් අරඹන ආයතනයන්හිද සේවය සඳහා බදවා ගන්නා අතර, එම සේවා ස්ථානයන්ට අගයන් එක් කිරීමේ බලය සේවායෝජකයන් විසින් එම වෘත්තිකයන් වෙත පවරනු ලබන බවද පෙන්වා දෙයි.
CIMA වෘත්තීමය සුදුසුකම ලැබීමට ඇතුලත් වීමේ මූලික සුදුසුකම ලෙස The Certificate in Business Accounting (CertBA) දැක්විය හැක. මෙම CertBA පාඨමාලාව හැදෑරීමේදී සිසුන්ට CIMA වෘත්තීමය සුදුසුකම ලැබීමට අවශ්‍ය වන මූලික අධ්‍යාපන කරුණු සහ කුසලතා පිළිබඳ පුහුණුවක් ලැබෙන බවද කියයි. CIMA විභාග ඇගයුම් නිරීක්ෂණය කරන සේවා යෝජකයන්ට CIMA සිසුන් සිද්ධාන්තමය මෙන්ම ප්‍රායෝගික දැනුමෙන්ද පරිණත බව අවබෝධ වනු ඇති බවද කියයි. සිසුන්ට සිය අභිමතය පරිදි වසරේ ඕනෑම දිනක දිවයිනේ ඕනෑම ස්ථානයක ඇති CIMA පරිගණක ආශ්රිත විභාග ඇගයුම් මධ්‍යස්ථානයකදී සිය CIMA විභාග ඇගයුම් සඳහා ඉදිරිපත් වීමේ අවකාශ ඇති බවද ඔවුහු පවසති.
එමෙන්ම, CIMA සාමාජිකයන්ට දිවයිනේ කාර්මික, වෙළෙඳ සහ ව්‍යාපාර ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරු දැරීමේ හැකියාව ඇති අතර CIMA සාමාජිකයන් විශාල පිරිසක් විදෙස් ගතවද සිටී. CIMA සිය ඒකාබද්ධ ව්‍යාපාරයේ හවුල්කරු වන American Institute of Chartered Public Accountants (AICPA) එක්වී වෘත්තිකයන්ගේ ගුණාත්මක බව, ප්‍රවීණත්වය සහ ඒකාග්‍රතාව පෙන්වන උසස්ම මිණුම් දණ්ඩ ලෙස සැලකෙන Chartered Global Management Accountant (CGMA) තනතුරු නාමය පිරිනමන අතර මෙම CGMA තනතුරු ලාභීන් සහ CIMA සිසුන් ලොව රටවල් 176 පුරා ව්‍යාප්තව සිටී. පසුගිය වසරේදී CGMA සහ CIMA සාමාජිකයන් නව සංගමයක් පිහිටුවීමට දුන් අනුමැතිය අනුව 2017 වසරේ ජනවාරි මස එම සංගමය දියත් කරනු ලැබූ අතර, එහි අනාගත අපේක්ෂාව වන්නේ වත්මන් සහ අනාගත වෘත්තිකයන් 600,000ක් නියෝජනය කරන ලොව බලවත්ම වෘත්තීමය ගණකාධිකරණ ආයතනය බවට පත්වීම බවද ඔවුහු වැඩිදුරටත් පවසති.