ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන %ජනාධිපති අපනයන සම්මාන^ ප්රදානෝත්සවය අද (9දා) සවස 3.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්විමට නියමිතව තිබේ. 2014/2015 වර්ෂයනට අදාළව විශිෂ්ට අපනයනයකරුවන් සඳහා ජනාධිපති අපනයන සම්මාන ප්රදානය කිරීම මෙම උළෙල සංවිධානයේ අරමුණයි. ඒ අනුව මෙවර උළෙල 20 වැනිවරට සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මිය පවසයි.
මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, වැවිල්කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන් සහභාගිවෙයි. එසේම විදේශීය දුත මණ්ඩල ප්‍රධානීන්, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන්, අපනයනය උපදේශක මණ්ඩල නියෝජිතයන්, වෙළෙඳ හා වාණිජ මණ්ඩල ප්‍රධානීන් ඇතුළු අපනයනකරුවන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බවත් ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය පවසයි.