2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්රියාකාරීත්වයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන ආදායම අඩුවීම හේතුවෙන් ජනවාරි මාසය තුළ දී වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ.
කෙසේ නමුත්, 2017 ජනවාරි මාසයේදී සංචාරක ඉපැයීම තුළින් වූ විදේශ විනිමය ලැබීම් සාපේක්ෂව ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති අතර, පෙර වසරේ අනුරූප මාසය සමග සැසඳීමේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මධ්‍යස්ථ ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවද පෙන්වා දෙයි.
එමෙන්ම, 2017 ජනවාරි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් ශුද්ධ විදේශ විනිමයේ ගලා යෑමක් දැකිය හැකි වූ බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.