දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහභාගී වූ සාර්ථක ව්‍යාපාරික හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පස්වරුවේ සෝල් නුවරදී පවත්වා තිබේ.
නැගෙනහිර ආසියානු කලාපයේ ප්‍රධාන පෙළේ සමාගම්වල 100කට අධික කොරියානු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 20කට ආසන්න පිරිසක්ද ඊට එක්වූ බව පැවසේ.
ප්‍රධාන පෙළේ දකුණු කොරියානු ව්‍යවසායකයින් වන KBIZ, FKI, KCCI, KITA යන සමාගම්වල සභාපතිවරුන් තමන් සිදු කිරීමට අපේක්ෂා කරන ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ එහිදී සැපයෙන පහසුකම් පිළිබඳව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ආයෝජකයන් දැනුම්වත් කර තිබේ.