චෙන්නායි ගුවන්තොටුපොළ හෙට (08දා) විවෘත වීමට නියමිත බැවින්, ශ්රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල්.127 හා යූ.එල්.128 දරණ ගුවන් යානා හෙට දිනයේ චෙන්නායි හි ගුවන් මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව එම සමාගම නිවේදනය කරයි.
එයාර්බස් ඒ330 යූ.එල්.127 ශ්රී ලංකන් යානය හෙට ප.ව.1.45 ට කොළඹින් පිටත් වී ප.ව.3.05 ට චෙන්නායි වෙත ළඟාවීමට නියමිත බවත්, යූ.එල්.128 ශ්රී ලංකන් යානය හෙට ප.ව.4.05 ට චෙන්නායි වෙතින් පිටත්වී ප.ව.05.25 ට කොළඹට ළඟාවීමට නියිමත බවත් ශ්රී ලංකන් ගුවන් සමාගම නිවේදන කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු +9419 733 1979 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.