1986 වසරේ ඉදි කරන ලද කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව, 2017 ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.30 දක්වා පැය 08ක කාලයක් ධාවන පථය වසා දැමීමට තීරණය කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම ප්‍රතිසංස්කරණය කටයුතු තුල දැනට ධාවනපථයේ පවතින ඉරිතැලීම, කඩතොලු තත්ත්වයන් අළුත්වැඩියා කොට ගුවන් යානා ගොඩබැස්සවීමේදි හා ගුවන්ගත කිරීමේදි භාවිතා වන ධාවන පථයේ ඝර්ෂණ මට්ටම වැඩි දියුණු කිරිම සදහා ආස්තරණය කිරිමක් සිදු කරනු ලබයි.
ඒ අනුව මෙම සංවර්ධන කටයුතු සිදු කිරිමේදි කාලගුණික තත්ත්වයන් හා සිවිල් ඉංජිනේරු අවශ්‍යතා පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින්ද, ගුවන්තොටුපල භාවිතා කරන ගුවන් සමාගම් සමග සාකච්ඡා කොට ගුවන්තොටුපල වසා දමන කාල පරිච්ඡේදය තීරණය කර ඇත. එමෙන්ම ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවයන් හා ගුවන් ගමන් වාරවල තිබෙන තදබදය අවම කරමින් පැය 08ක කාලසීමාවක් ගුවන්තොටුපල වසා දැමීමට තිරණය කල බව ගුවන්තොටුපල බලධාරින් අවධාරණය කරයි. දැනට දිනකට ගුවන්වාර 175 පමණ සිදු කරනු ලබන අතර, බොහෝ වාණිජ ගුවන්තොටුපල මෙහෙයුම් කාලය ගුවන්තොටුපල විවෘතව තබන කාලය වන පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා ගැනෙන සේ සකස් කොට තිබේ.
ශ්‍රි ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මෙසේ ගුවන් තොටුපල වසාදැමීම හේතුවෙන් එය භාවිත කරන්නන් හට සිදුවන බලපෑම අවම කිරිම සදහා සියළු පියවර ගෙන ඇති අතර ගුවන්තොටුපල පරික්ෂා කිරිමේ කවුළුව ගුවන් ගමන් සදහා සැලසුම් කල කාලයට පැයකට පෙර වසා තැබීමේ ක්‍රමවේදය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බැවින්, පැය 05කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන ලෙස ගුවන් මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී. එමෙන්ම ගුවන් මගින් සමග පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව හැකිතාක් අඩුකරන ලෙසද ඉල්ලා සිටි.
බලාපොරොත්තු විරහිත වාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සදහා ගුවන්තොටුපල වෙත කල්වේලා ඇතිව පැමිණෙන ලෙස සියළු ගුවන් තොටුපල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ඉහත සදහන් කාලසීමාවේදි ගුවන්තොටුපල අසල හා ඒ අවට විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රි ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. සියලු වාහන නියම කොට ඇති ගුවන්තොටුපල වාහන නැවතුම් අංගනවල නතර කළ යුතු අතර රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වෙනත් ස්ථාවල වාහන නතර කිරිමෙන් වළකින ලෙස රියදුරන් හට දැඩිව අවවාද කරනු ලැබේ.
ඇති විය හැකි අපහසුතා මගහරවාගනු පිණිස විදේශ රැකියා සදහා පිටත්වන ශ්‍රි ලංකිකයන් හට ගුවන්තොටුපලට පැමිණිමට පෙර ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලයේ හෝ දිවයින පුරා පිහිටා ඇති එහි ශාඛාවල ලියාපදංචි වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මෙය 2016 නොවැම්බර් 01 සිට එබදු විදේශගත වන මගින් සදහා අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර, ගුවන්තොටුපල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයේදි සිදු කරන්නේ ලියකියවිලි පරික්ෂා කිරිම පමණි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් වන කැතික් (ඛතික්) සමාගම විසින් සිදු කරනු ලබන අතර ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 48ක් වැයවන බව අමාත්‍යාංශය පවසයි.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර ඇතුළු නිළධාරීන් හා චීන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වුහ.