ගම්මිරිස් අපනයන නිෂ්කාශන ක්‍රියාවලිය පැය 48 කට පෙර සිදුකිරීම සඳහා පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ගම්මිරිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් වුවත්, එහි අපනයන නිෂ්කාශන කටයුතු සඳහා සතියක් දෙකක් පමණ ගතවන බැවින්, එය අපනයනකරුවන්ට විශාල ගැටලුවක්ව ඇති බව පවසමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
එමෙන්ම, මෙම සාකච්ඡාවේදී කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සංගමය කුළුබඩු අපනයනයේදී තමන්ට පවතින ගැටලු හා බාධක අමාත්‍යවරයා හමුවේ පැහැදිළි කළ බවද අමාත්‍යාංශය පවසයි.