කොළඹ දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කලාපයක් බවට පත්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
ඊට අදාල වැඩසටහන ආරම්භ කිරීමේ නිල උත්සවය කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ සහ කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2015 ඔක්තෝබර් මස 01 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ලෝක ළමා දිනය නිමිත්තෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ සංවිධායකත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව එදින පෙරවරු 08.00 ට නාරාහේන්පිට ජාතික පොළ මංසන්ධියේ සිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ළමා ශ්‍රම විරෝධී පාගමනක් ද සංවිධානය කර ඇත.