ශ්‍රී ලංකාවේ විශිෂ්ට කේම්බ්‍රිජ් අධ්‍යයන සම්මාන ජයග්‍රාහකයන්ගේ නම් කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මෑතකදී නිවේදනය කළ අතර, මෙම සම්මාන උළෙලේදී 2014 නොවැම්බර් සහ 2015 ජුනි මස කේම්බ්‍රිජ් විභාගවලින් විශිෂ්ට අධ්‍යයන දක්ෂතා පෙන්නුම් කළ ද්විතීයික පාසල් සිසුන් ඇඟයීමට ලක්කර තිබේ.
ඒ අනුව, කේම්බ්‍රිජ් විභාගවලින් විශිෂ්ට දස්කම් පෑ පාසල් 22ක සිසුන් 114 දෙනෙකු සම්මාන දිනගත් අතර, ජීව විද්‍යා විෂය සඳහා රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ ගයත්රිනි ටරිෂා ප්‍රේමවර්ධන සහ ප්‍රංශ භාෂාව සඳහා යෝෂිධා ෂෝකන්ජි ඉන්ටර්නැෂනල් පාසලේ ඩී. සර්දා ප්‍රාර්ථනා පෙරේරා මෙම වසරේදී කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ විභාගයේ එක් විෂයකට ලොව වැඩිම ලකුණු ලබාගන්නා ලද සිසුන් අතරට එක්ව තිබේ. මොවුන් දෙදෙනා සමග එක් විෂයකට ලොව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකේය සිසුන් සංඛ්‍යාව 39 ක් වන අතර, මෙම සිසුන් මනෝවිද්‍යාව, ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය වැනි විවිධ විෂයන්හි විශිෂ්ටතා දක්වා තිබේ.
කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් විභාගයන්හි ජාත්‍යන්තර ජාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ගයි චැප්මන් සහ මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්යක්ෂ කීත් ඩේවිස් ඇතුළුව කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනයේ නියෝජිතයන් කොළඹ කිංස්බරි හෝටයේ පැවති සම්මාන උළෙලේදී ජයග්‍රාහී සිසුන්ට සුබපතන ලදී.