කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව්‍යකරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 125ක සහන ණයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශයේ දී සිදු වූ අතර ඒ සඳහා මහා භාණ්ඩගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ මෙරට නේවාසික නියෝජිත අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් තැබූහ.
මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත් කර ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම කෘෂිකර්මික නව්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.