නෙස්ලේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍ර‘යේ දැවැන්තම නැවුම් කිරි මිලදී ගන්නා සමාගම ලෙස 20,000 ක් පමණ දේශීය කිරි ගොවීන් ප්‍රමාණයකගෙන් නෙස්ප්‍රේ, මයිලෝ සහ මිල්ක්මේඩ් වැනි නිෂ්පාදන සඳහා අවශ්‍ය නැවුම් කිරි මිලදී ගැනීම සඳහා වාර්ෂිකව රු.බිලියන 3.6 ක් පමණ වැය කරන බව එම සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවමත් වර්ධනීය තලයකට පැමිණ නොමැති නිසා දේශීය කිරි ගොවීන් නිපදවන කිරි මෙරට වෙළෙඳ පොළේ ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් කියයි. මෙම තත්ත්වයෙහි සංවර්ධනයක් ඇති කරවීම සඳහා නෙස්ලේ සමාගම 1980 දශකයේ ආරම්භයේ සිටම දේශීය ආයතන සහ බලධාරීන් සමග එක්ව කටයුතු කරයි. නෙස්ලේ සමාගමේ අපේක්ෂාව වන්නේ කිරිවල ගුණාත්මකභාවය මෙන්ම සැපයුම ඉහළ නැංවීම පමණක් නොව දේශීය කිරි ගොවීන්ට තිරසාර ජීවනෝපාය මාර්ගයක්ද ලබාදීම බවද ඔවුන් පෙන්වා දෙයි.
පෝෂණය ලබාදීම සහ පැටවුන් බෝ කිරීම, සතුන්ගේ සෞඛ්‍ය නිසිපරිදි පවත්වා ගැනීම සහ ගොවිපළ කළමනාකරණය වැනි පුළුල් පරාසයක පැතිරුණු තාක්ෂණික සහ ගුණාත්මක භාවිතාවන් සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට නෙස්ලේ සමාගම විසින් ක්රමානුකූල පුහුණු සහ සංවර්ධන වැඩසටහන් පවත්වනු ලබයි. වැඩි කිරි ප්‍රමාණයක් දොවාගත හැකි දෙනුන් බෝ කරගැනීම සඳහා කෘත්‍රිම සිංචනය පිළිබඳ දැනුම ලබාදීමට අමතරව වැදගත් උපකරණ සහ ඖෂධ ලබාදීම සහ ගොවිපළ වැඩිදියුණු කරගැනීම සඳහා මූල්‍ය උපදේශනය ලබාදීමද නෙස්ලේ සමාගම විසින් සිදුකරනු ලබයි.