2017 වර්ෂයේ ජනවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2018 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 4.3%ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල්ආචාර්යඒ.ජේ.සතරසිංහ නිවේදනය කළේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 ජනවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
තවද 2018 සහ 2017 යනවර්ෂවල ජනවාරි මස මෙම දර්ශකය පිළිවෙළින් 108.9 ක් සහ 104.4 ක් විය.