නව බදු පනත ක්‍රියාත්ක වීමත් සමග සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා යන ක්ෂේත්‍ර ඇතුළුව කලා ක්ෂේත්රයේ නිරතවන්නන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදුකරන අවස්ථාවලදී එම නිර්මාණවලින් ලබන වාර්ෂික ශුද්ධ ලාභය රු.ලක්ෂ 5ක් දක්වා බදු නිදහසක් ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
තම නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි නඩි හෝ අනෙකුත් ගෙවීම් ඇතුළුව කතෘභාග සඳහාද පිරිවැය දැරීමෙන් පසුව එම නිර්මාණවලින් ලබන ශුද්ධ ලාභය රු.ලක්ෂ 5ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව කලා ක්ෂේත්රයේ නිරතවූවන් සඳහා මෙතෙක් විශේෂිත ආකාරයට ලබාදී තිබූ බදු සහන හා විරාම වෙනුවට ආදායම් ලබන, බදු ගෙවිය හැකි සියළු පුරවැසියන්ගෙන් ආදායම් බදු අය කරන ක්‍රමයට කලා කරුවන්ගෙන්ද බදු අයකරනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.