ජාතික ලොතරැයි මණ්ඩලයේ කලම්බෝ එයාපෝර්ට් සුපර් ඩ්‍රෝ (Colombo airport super draw) ලොතරැයියේ 32 වැනි ලොතරැයිය පසුගිය 31 වැනිදා රාත්‍රීයේ කොළඹ නෙළුම් පොකුණ රඟහල් එළිමහන් පරිශ්‍රයේ දී හඳුන්වාදෙනු ලැබීය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම සිදුවිය. මෙහි පළමු වැනි ත්‍යාගය ලෙස නවීනතම මර්සිඩීස් බෙන්ස් රථයක් හිමි වන අතර, ලොතරැයියේ මිල ඇ.ඩොලර් 30කි.
මීට අමතරව එන්.එල්.බී ඩොලර් ෆෝචූන් (NLB Dollar Fortune) නමින් නව ලොතරැයියක්ද හඳුන්වාදීම එහිදී සිදු විය. පළමු ත්‍යාගය ලෙස අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් හිමි වන මෙම ලොතරැයියේ වටිනාකම ඇ.ඩොලර් 10කි.