කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීර මහතා සිය ධුරයේ වැඩ බාරගැනීම පසුගිය 10 වැනිදා පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමීති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න,අතිරේක ලේකම් එම්.සී.එල්. රොද්‍රිගෝ,කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරි ඩී.ආර්. ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.