ඕමාන තානාපති අල් ශෙයික් ජුමා හම්දාන් අල් ශෙහි මහතා ප්රමුඛව “තානාපති හමුව” (Meet The Ambassador) වැඩසටහන පසුගිය 30දා ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබදතා පිළිබඳ සාකච්ඡා කර තිබුණු අතර, මීට සහභාගී වූ අයට ඕමාන තානාපති ඇතුළු අනෙකුත් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටද අවස්ථාව ලබාදී තිබුණි.
ඕමාන රජය ලොව 59 වැනි විශාලතම අපනයන සැපයුම්කරු වන අතර 13 වැනි මැද පෙරදිග අපනයන ආර්ථික රාජ්‍යයද වේ. ඕමානය හා ශ්‍රී ලංකාව අතර 2016 වසරේ පැවතුණු වෙළෙඳාමේ මුළු වටිනාකම ඇ.ඩො මිලියන 45ක් වන අතර, ඒ අතරින් ශ්‍රී ලංකා අපනයනවල වටිනාකම ඇ.ඩො මිලියන 7ක් හා ආනයනවල වටිනාකම ඇ.ඩො. මිලියන 38 කි.
ශ්‍රී ලංකාව විසින් දිසිදි පොල්, තේ,එළවලු , පලතුරු, බීජ වර්ග සහ සැකසු අහාර අපනයනය කරන අතර, කනිජ තෙල් ආශ්රිත නිෂ්පාදන, ලිහිසි තෙල්, තෙල් අතුරු නිපැයුම්, නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඇලුමිනියම් සහඇමයිනෝ එරටින් ආනයනය කරයි.