සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්රදානය සඳහා නාමයෝජනා භාරගැනීම අරඹා තිබේ.
ඒ අනුව, ජූලි මස 25දා දක්වා නාමයෝජනා බාරගැනීම සිදුකරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙවර සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙන්නේ 07 වැනි වතාවට වන අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.
රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය, සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ්‍ය, අන්තර්ග්රහනය හා බලගැන්වීම, ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා භාරගැනීම සිදුවෙයි.
මෙම සම්මාන ප්‍රදානයට පාත්රවන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.