ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ විසින් සංවිධානය කරන %ඉන්වෙස්ට් ශ්‍රී ලංකා^ සමුළුව හෙට (02දා) සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේදී පැවැත්වේ.
මෙම සමුළුවට කලාපීය මුල් පෙළේ ආයෝජකයන් රැසක් සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙවර සමුළුව නියෝජනය කරයි.
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.
2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇති බව විශ්වාස කෙරේ.