ඉන්දියාව හා ජපානය අතරත්, ශ්‍රී ලංකාව සහ ජපානය අතරත් ඉතා සමීප සබඳතාවන් පවතින හෙයින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සිදු කිරීමේ දී, ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීමේ අවස්ථා ගණනාවක් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර පසුගියදා විදේශ අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවේදී ඇය මෙම කරුණු අනාවරණය කර ඇත.
දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා අනාගතය දක්වා ගෙනයාමේ දී, විවිධ මට්ටම් වලින් ඒ සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත. රාජ්‍ය, පුද්ගලික ව්‍යවසාය, ආයෝජන මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික, තාක්ෂණ, සමාජයීය ආදී විවිධ ක්ෂේත්‍ර තුළින් මෙම සම්බන්ධතා වර්ධනය කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.